welcome to

MCAS

MCAS MCAS

Founded in 1955, with over seven decades of excellence, the Maliyadeva College Astronomical Society has inspired generations to look beyond the horizon—igniting curiosity and nurturing a timeless passion for the wonders of space.

Vision

Exploring the universe through science, fostering curiosity and responsibility

Mission

To inspire curiosity, promote scientific literacy and create a welcoming community of astronomy enthusiasts who share their knowledge with others

2025-05-15
ජීවය සදහා සුදුසු ග්‍රහලෝක

යම් ග්‍රහලොවක් ජීවත් වීම සඳහා සුදුසුකම් ලැබීමට හෝ ජීවයක් ඇතිවීම සඳහා සුදුසුකම් ලැබීමට සපුරාලිය යුතු සාධක විශාල ප්‍රමාණයක් ඇති අතර ඒවා එකින් එක විමසා බලමු.

1. ජීවය සදහා අවශ්‍ය මූලික සාධකය:- ජලය

ජලය ජීවය සදහා අත්‍යවශ්‍ය මූලිකම සාධකයයි. ජලය බොහෝ  රසායනික ප්‍රතික්‍රියාවන් සඳහා මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීම මීට හේතුව වේ. පෘථිවිය මත ජලය සාගර තුල හා මිරිදිය මූලාශ්‍ර වල මෙන්ම භූගත ජල මූලාශ්‍ර තුළ ද අන්තර්ගතව ඇත. ජලය ද්‍රවමය වශයෙන් පැවතීමට නම් ග්‍රහලෝකයේ තාපය සහ පීඩනය යන සාධක දෙකම සුදුසු පරාසයක පැවතීමට අවශ්‍ය වේ. එවැනි ග්‍රහ වස්තු තුල ජලය පැවතීමේ ඉහළ සම්භාවිතාවයක් ඇත. උදාහරණයක් ලෙස, බ්‍රහස්පතිගේ චන්ද්‍රයෙකු වන යුරෝපා තුළ  භූගත ජල සාගර ඇති බව වර්තමානයේ සොයාගෙන ඇත.

 

2.  ජීවයේ කලාපය:- "ගෝල්ඩිලොක්ස්" කලාපය

ග්‍රහලොවක් සූර්යයාගේ සිට කොපමණ දුරින් පවතීද යන සාධකය මතද එම ග්‍රහයා ජීවයට සුදුසු ද? නුසුදුසු ද? යන්න තීරණය වේ. සෑම සෞරග්‍රහ මණ්ඩලයකම ජීවය සඳහා සුදුසු කලාපයක් පවතී. මෙය ගෝල්ඩිලොක්ස් කලාපය ලෙසද හඳුන්වයි. ග්‍රහලෝකයක් තාරකාවක වටා පරිභ්‍රමණය වීමේදී, එහි මතුපිට ද්‍රව ජලය පැවතීමට ඉහළ සම්භාවිතාවයක් ඇතිවිය හැකි තාප පරාසයක් පවතින කලාපය ගෝල්ඩිලොක්ස් කලාපයයි. පෘථිවිය සූර්යයාගේ මෙම කලාපය තුළ පිහිටා ඇති බැවින් ජීවිතය සඳහා සුදුසු වී ඇත.

මෙම කලාපය තාරකාවේ සිට කොපමණ දුරින් පවතීද යන්න තාරකාවේ විශාලත්වය සහ දීප්තිය මත රඳා පවතී. විශාල, උණුසුම් තාරකා සඳහා මෙම කලාපය තාරකාවට ඉතා දුරින් පවතින අතර,  කුඩා හා ශීත තාරකා සඳහා එය තාරකාවට සාපේක්ෂව ආසන්නව පවතී.

 

3.  ජීවය සඳහා සුදුසු උෂ්ණත්ව පරාසය

ජීවය ඇතිවීම සඳහා, ග්‍රහලෝකයක උෂ්ණත්වය ස්ථාවරව පැවතීම අත්‍යවශ්‍යයය. අධික උෂ්ණත්ව වෙනස්වීම් ජීවීන්ගේ වර්ධනයට හානි පැමිණවීම මීට හේතුවයි. පෘථිවියේ උෂ්ණත්වය වෙනත් ග්‍රහලෝක වලට සාපේක්ෂව  ස්ථාවරව පවතින අතර ඊට හේතු කාරණා ලෙස  පෘථිවි වායුගෝලය තුළ ඇති  හරිතාගාර වායූන්ගේ ක්‍රියාකාරීත්වය දැක්විය හැකිය.
හරිතාගාර වායු මගින් ඇති කරන හරිතාගාර ආචරණය හේතුවෙන් පෘථිවිය මත තාප සමතුලිතතාවයක් ඇති වී තිබේ. කාබන්ඩයොක්සයිඩ්, කාබන්මොනොක්සයිඩ් වැනි හරිතාගාර වායු සූර්ය තාප විකිරණ වලට පෘථිවි පෘෂ්ඨයට පැමිණීමට ඉඩ නොදෙන අතරම පෘථිවි පෘෂ්ඨයේ පවතින තාපයට පිට වීමටද ඉඩ නොදෙමින් පෘථිවියේ උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගනු ලබයි.

නමුත් වායුගෝලයක් සතුව හරිතාගාර වායුද පැවතිය යුත්තේ අවශ්‍ය ප්‍රමාණයට වන අතර හරිතාගාර වායු සාන්ද්‍රණය වැඩි වීමෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම වැනි දේශගුණික විපර්යාසයන් ඇති විය හැකිය.
උදාහරණයක් ලෙස සිකුරු ග්‍රහයාගේ වායුගෝලය තුළ 96.5% ක් අඩංගු වන්නේ කාබන්ඩයොක්සයිඩ් වන අතර ඒ හේතුවෙන් එහි මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 465 ක් තරම් ඉහළ අගයක් ගනී. එම නිසා සිකුරු ග්‍රහයා ජීවය සදහා නුසුදුසු තත්වයට පත්ව ඇත.

 

4. ආරක්ෂිත වායුගෝලය

වායුගෝලයක් පැවතීම ග්‍රහලෝකයක ජීවය පැවතීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. එය ජීවීන්ට අවශ්‍ය වායූන් සැපයීම, තාප සමතුලිතතාවයක් ඇති කිරීම හා සූර්ය විකිරණයෙන් ආරක්ෂාව ලබා දීම වැනි කෘත්‍යයන් රාශියක් ඉටු කරයි. පෘථිවි වායුගෝලයේ වැඩි ප්‍රතීශතයක් අඩංගු වන්නේ  නයිට්‍රජන් හා ඔක්සිජන් යන වායූන්ය. වායුගෝලයේ ඉහළ ස්ථර වල ඇති ඕසෝන් වායුව අහිතකර සූර්ය විකිරණ වලින් පෘථිවිය ආරක්ෂා කර දෙයි. ස්ථිර වායුගෝලයක් රඳවා තබා ගැනීම සඳහා ග්‍රහලොවක් සතුව ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් හා ගුරුත්වයක් තිබීම අත්‍යවශ්‍ය වේ.

 

5.  චුම්බක ක්ෂේත්‍රය

පෘථිවිය සතුව ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් පවතින අතර එය ඇති වී ඇත්තේ පෘථිවි හරයේ චලිතය හේතුවෙනි. මෙය සූර්ය විකිරණ වල ඇති අහිතකර ආරෝපිත අංශු පෘථිවි පෘෂ්ඨයට පැමිණීමට ඉඩ නොදෙමින් පෘථිවි පෘෂ්ඨය ආරක්ෂා කරයි.
අඟහරු වැනි ග්‍රහයන් සතුව ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයක් නොමැති නිසා එහි වායුගෝලය ක්‍රමයෙන් ක්ෂයව ගොස් ඇති අතර ජීවය සදහා නුසුදුසු වී ඇත.

 

6. ශක්ති ප්‍රභවයන්

ජීවත් වීම සඳහා ජීවීන්ට ශක්තිය ලබා ගැනීමට අවශ්‍ය වේ. මේ සඳහා මවු ග්‍රහයලෝකය සතුව ශක්ති මූලාශ්‍රයන් පැවතිය යුතුය. පෘථිවියේ ප්‍රධාන ශක්ති මූලාශ්‍රය සූර්ය ශක්තියයි. ප්‍රභාසංස්ලේෂණය හරහා හරිත ශාක සූර්ය ශක්තිය අවශෝෂණය කර ගබඩා කරගන්නා අතර  පසුව ආහාර දාම ඔස්සේ එම ශක්තිය ජීවීන් වෙත ගලා යයි.
කෙසේ වෙතත් සූර්යාලෝකය නොමැති ස්ථාන වල පවා වර්තමානයේ ජීවය සොයාගෙන ඇත. උදාහරණයක් ලෙස සාගරයේ ගැඹුරු ස්ථාන වල තාප විවරයන් ආශ්‍රිතව ක්ෂුද්‍ර ජීවීන් ජීවත් වීම පෙන්වා දිය හැකිය.

 

7. භූගෝලීය ක්‍රියාකාරීත්වය හා භූ තැටි චලනය.

ග්‍රහලෝකයක භූගෝලීය ක්‍රියාකාරීත්වය ජීවය සදහා බලපාන තවත් සාධකයකි. පෘථිවි හරය මත භූ තැටි එහා මෙහා චලනය වීම නිසා   කලින් කලට නව භූමි ප්‍රදේශයන් නිර්මාණය වන අතර ඒවා ජීවීන්ට නව වාසස්ථාන සපයා දෙයි.
තවද භූ තැටි චලනය කාබන් චක්‍රයේ ක්‍රියාකාරීත්වය සඳහා වැදජත් වන අතර එමගින් වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් මට්ටම තීරණය වේ.
මෙය පෘථිවියේ උෂ්ණත්වය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා උපකාරී වේ.

 

8. ග්‍රහලොවෙහි සංයුතිය හා සුලබ මූලද්‍රව්‍ය.

ජීවයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍යන් ලෙස කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන්, පොස්ෆරස් හා සල්ෆර් හදුන්වා දිය හැකිය.

මෙම මූලද්‍රව්‍යතන් ජීවයේ තැනුම් ඒකක නිර්මාණය වීම සදහා අවශ්‍ය වේ.ග්‍රහලොවක් සතුව මෙම මූලද්‍රව්‍යන් පැවතීම ජීවය ඇතිවීමට රුකුල් දෙන්නකි.

 

9. ග්‍රහලොවෙහි විශාලත්වය හා ගුරුත්ව ක්ෂේත්‍රය.

ග්‍රහලෝකයක විශාලත්වය මගින් එහි ගුරුත්ව ක්ෂේත්‍රයෙහි ප්‍රබලත්වය තීරණය කරයි. ග්‍රහලොවක් සතුව ද්‍රව ජලය හා වායුගෝලයක් පැවතීමට නම් සැලකිය යුතු මට්ටමේ ගුරුත්වයක් තිබිය යුතුය. කෙසේ වෙතත් අතිවිශාල ග්‍රහලොවක අධික පීඩනයක් සහිත වායුගෝලයක් ඇති විය හැකි බැවින් එවැනි ග්‍රහලෝක ජීවය සදහා නුසුදුසු විය හැකිය.

මේ අනුව සාරාංශයක් වශයෙන් ජීවය සදහා ග්‍රහලොවක් සුදුසු වීමට නම් එය ද්‍රව ජලය, සුදුසු උෂ්ණත්ව පරාසය, ආරක්ෂිත වායුගෝලය, ශක්ති මූලාශ්‍ර, භූගෝලීය ක්‍රියාකාරීත්වය, සුදුසු රසායනික සංයුතිය හා සුදුසු විශාලත්වය යන සාධකයන්ගෙන් සමන්විත විය යුතු වේ.

දැනට සොයාගෙන ඇති මෙම සියලු කොන්දේසි සපුරාලන එකම ග්‍රහලෝකය පෘථිවියයි. නමුත් ජීවය සදහා සුදුසු වෙනත් ග්‍රහලෝක  සොයා විද්වත් සමාජය තුළ දැනටමත් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතී. නුදුරු අනාගතයේදී මානව වර්ගයා සතු විශාලතම පැනය, අප විශ්වය තුළ තනිවී ඇත්ද? යන පැනයට පිලිතුරක් ලැබෙනු ඇත. එවිට ජීවය යනු මෙම අති විශාල විශ්වය තුළ හුදෙක් අහඹුවක් පමණක්ද යන්න තීරණය කළ හැකි වනු ඇත.

2025-05-09
තාරකා ජීවවිද්‍යාව හැදින්වීම

තාරකා ජීව විද්‍යාව ලෙස සරලව හදුන්වන්නේ පෘථිවිය මත හෝ ඇතැම් විට දී පෘථිවියෙන් පිටත ග්‍රහ වස්තු මත ජීවයේ සුලමුල පිළිබදව අධ්‍යනය කිරීමයි. ඒ යටතේ ජිවයේ උපත, සම්භවය සහ විවිධ පරිසර තත්වයන් යටතේ ජීවීන් සතු දිවි රැක ගැනීමේ හැකියාව පිළිබඳව සොයා බැලේ. මෙය ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව හා තාරකා විද්‍යාව යන සියලු විද්‍යාවන්ගෙන් සැදුම්ලත් ආකර්ෂණීය විෂයක් වන අතර මානව වර්ගයා සතුව පුරාණ කාලයේ පටන් පැවති ගැටලුවකට  පිළිතුරු සැපයීමට උත්සාහ දරයි. එනම් පෘථිවිවාසීන් වන අප විශ්වය තුළ තනි වී ඇතිද?  යන පැනයයි.

පෘථිවියෙන් පරිභාහිර ජීවීන් පිළිබඳ අධ්‍යනයන් සිදු කිරීමට පෙරාතුව පෘථිවිය තුලම පවතින අන්ත පරිසර තත්වයන් යටතේ ඇතිවී ඇති ජීවය පිළිබඳව පර්යේෂණ පැවැත්වීමට විද්‍යාඥයන් උත්සුක වී ඇත. ගැඹුරු සාගර පතුල, වායුගෝලයේ ඉහළ සීමාව, ගිනිකඳු ආවාට හා පොලොව අභ්‍යන්තරය ආදී ස්ථාන වල දැනටත් යම් ආකාරයේ ජීවීන් ජීවත් වන බැවින් ඔවුන් ගැන අධ්‍යනය කිරීම පෘථිවියෙන් පරිභාහිර වෙනත් ස්ථානයක යම් ජීවයක් පවතීනම් ඒ පිළිබඳව තක්සේරුවක් ලබා ගැනීම සඳහා ඉවහල් වනු ඇත.

කලක් අප කිසිදු ආකාරයක ජීවයක් පැවතීමට නොහැකියැයි සැලකූ ස්ථාන
වල පවා, උදාහරණයක් වශයෙන්  ඇන්ටාක්ටිකා අයිස් කාන්තාරය මත පවා  ජීවය හමුව ඇත. ඒ හේතුවෙන් විශ්වයේ ඇති අන්ත පරිසර තත්වයන් යටතේ වුවද සම්භවය වූ ජීවයක් සොයාගැනීමේ අනවරත උත්සාහයක තාරකා ජීව විද්‍යාඥයෝ නිරතව සිටිති.

ඔවුන් විශ්වාස කරන අන්දමට  ජීවය ඇති වීමට බලපාන සාධක, උදාහරණ ලෙස ජලය, ශක්තිය, කාබනික පරමාණු වෙනත් ග්‍රහ වස්තු මතද පවතින අතර අප සෞරග්‍රහ මණ්ඩලය තුළ එසේ ජීවයේ සාධක පවතින බවට සැක කරන ස්ථාන ලෙස අඟහරු ග්‍රහයා, බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන Europa, සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයෙකු වන Enceladus හදුන්වා දිය හැකිය. මෙම චන්ද්‍රයන් සතුව ඉතා කුඩා ජීවයක් හෝ ඇති වීමේ විභවයක් සහිත භූගත සාගර ඇත.

තාරකා ජීව විද්‍යාව යනු පෘථිවියෙන් පරිභාහිර ජීවයක් සොයා ගැනීමට උත්සාහ කිරීම පමණක් නොවේ. එය අපට පෘථිවිය මත ජීවය සම්භවය වූ අන්දම පිළිබඳවද අවබෝධයක් සපයයි. පෘථිවිය මත ජීවයේ මුල් කාලීන ස්වරූපයන් අධ්‍යනය කිරීමෙන් නිවැරදි තත්වයන් යටතේ ජීවය ඇති විය හැකි ආකාරය පිළිබඳ විවිධ න්‍යායන් ගොඩ නැගීමට විද්‍යාඥයන් හට හැකියාව ලැබී ඇත.අප තවමත් පෘථිවියට පරිභාහිර ජීවයක් පිළිබඳව පැහැදිලි සාක්ෂි සොයාගෙන නැතත් පිටසක්වල ජීවයක් සොයාගැනීමේ ප්‍රයන්තයන් ලොව පුරා අවධානය ලක්ව ඇත. නවීන තාක්ෂණයේ දියුණුවත් සමගම තාරකා ජීව විද්‍යාඥයෝ පිටසක්වල ජීවයක් සොයාගැනීම සදහා නිරන්තර උත්සාහයක යෙදී  සිටිති.

තෙරක් නොපෙනෙන විශ්වය තුල මිනිසාට අමතරව ඉතා ප්‍රාථමික මට්ටමේ ජීවයක් හෝ පැවතීමේ සම්භාවිතාවය ශුන්‍යක් නොවන බව ස්ථිරය. එමනිසා අපගේ උත්සාහයන් සඵල වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

2025-05-09
පෘථිවිය මත ජීවයේ සම්භවය

පෘථිවිය මත ජීවයක් ඇති වූයේ කෙසේද? මෙය සියවස් ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් මුහුණ දුන් විශාලතම පැනයකි. අවුරුදු බිලියන ගණනකට පෙර පෘථිවිය මත ජීවය බිහි වූ අන්දම පැහැදිලි කර ගැනීම සඳහා විද්‍යාඥයන් අතර විවිධ මතයන් පැනනැගී ඇතත් තවමත් අප සතුව නිශ්චිත අවසාන පිළිතුරක් නොමැත. නමුත් මෙම අපූරු උපකල්පනයන් පිළිබඳව අධ්‍යනය කිරීම අපට ඒ පිළිබඳ දල අදහසක් ලබා ගැනීම සඳහා වැදගත් වේ.

පෘථිවිය මත ජීවයේ සම්භවය පිලිබඳ විද්‍යාඥයන් අතර මහත් සේ ප්‍රචලිත න්‍යායන් අතරින් ප්‍රධාන වන්නේ Primodial Soup Theory හෙවත් ආදිකල්පිත සූපය පිළිබඳ න්‍යාය වේ. මෙයින් කියැවෙන අන්දමට පෘථිවිය මත ඇති වූ මුල්ම සාගරයන් තුළ සරල රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක මිශ්‍රණයක් සාන්ද්‍රගතව තිබුණි. මෙම රසායනික මිශ්‍රණය සංකේතවත් කිරීම සඳහා එය ආදිකල්පිත සූපය ලෙසින් නම් කර ඇත.

එකල වායුගෝලයේ ඕසෝන් ස්ථරයක් නොතිබූ අතර පෘථිවි පෘෂ්ඨය පාරජම්බුල කිරණ වල නිරන්තර ප්‍රහාරයට ලක් විය. තවද සක්‍රිය ගිනිකඳු මගින් නිකුත් කරනු ලැබූ දූලි වලා හේතුවෙන් පහල වායුගෝලය තුල ප්‍රබල අකුණු හටගත් අතර මෙම මූලාශ්‍ර මගින් ආදි සූපය වෙත ශක්තිය සැපයුණි. මෙසේ සැපයුණු ශක්තිය ජීවයේ තැනුම් ඒකක වන ඇමයිනෝ අම්ල හා ප්‍රෝටීන වැනි අණු සෑදීම සඳහා ඉවහල් විය. මෙම අණු සෙමින් එකිනෙක හා සම්බන්ධ වෙමින් සරල සෛල නිර්මාණය වීම වර්තමාන ජීවයේ මූලාරම්භය සේ සැලකේ.

ජීවයේ ආරම්භය පිළිබඳ තවත් සිත්ගන්නා සුළු න්‍යායක් ලෙස Hydrothermal Vent Theory දැක්විය හැකිය. ගැඹුරු සාගර පතුලෙහි පෘථිවි කබොල මත හටගත් පැලුම් හේතුවෙන් ඒ අසල ජලය උණුසුම් වූ අතර පෘෂ්ඨයේ අභ්‍යන්තර ස්ථර වලින් ගලා එන ඛනිජ හා ලවණ මෙම උණු ජලය සමග මිශ්‍ර වීමෙන් ජීවයේ තැනුම් ඒකක නිර්මාණය වීම සදහා ඉතා සුදුසු පරිසරයක් නිර්මාණය කරන ලදී. විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට මෙම ගැඹුරු සාගර විවරයන් තුළ ඇතිවී තිබූ හිතකර තත්වයන් මුල් කාලීන ජීව සෛල සෑදීමට අවශ්‍ය රසායනික ප්‍රතික්‍රියා උත්තේජනය කරමින් ජීව සෛල සෑදීම සඳහා උපකාරී වී ඇත. මෙසේ ප්‍රාග් ජීවීන් සාගරය තුළ නිර්මාණය වීම නිසා ඔවුන් පෘථිවි පෘෂ්ඨයේ තිබූ ආන්තික පරිසර තත්වයන්ගෙන් ආරක්ෂා වීමද සිදුවුණි.

නමුත් ජීවය මුලින්ම නිර්මාණය වූයේ පෘථිවිය මත නොවේනම්??? මෙම අදහස Panspermia Hypothesis නම් න්‍යාය ඉදිරිපත් වීම සදහා හේතු විය. මෙයින් කියැවෙන අදහස වන්නේ ජීවය පෘථිවිය මත නොව විශ්වයේ වෙන යම් ස්ථානයක ඇතිවී උල්කාපාත හෝ ධූමකේතු මගින් පෘථිවිය මතට සම්ප්‍රේෂණය වූවාය යන්නයි. මෙම අදහස සත්‍යට වඩා විද්‍යා ප්‍රබන්ධයක ස්වරූපය ගත්තත්  සමහර උල්කා හා ධූමකේතු ශේෂයන් තුල කාබනික ද්‍රව්‍ය අන්තර්ගත වීමෙන් පෙනී යන්නේ මෙම අදහස සම්පූර්ණයෙන්ම අසත්‍යක් විය නොහැකි බවයි.

ජීවය කෙසේ කුමන ස්ථානයක ආරම්භ වුවත් බොහෝ විද්‍යාඥයන් එකඟ වන අන්දමට ජීවයේ පැවැත්ම උදෙසා යම් තීරණාත්මක සාධක කිහිපයක් අවශ්‍ය වේ. ඒවා නම් ද්‍රව ජලය, ශක්ති මූලාශ්‍ර හා නිවැරදි රසායනික ද්‍රව්‍යය. ප්‍රාග් පෘථිවිය මෙම අවශ්‍යතා වල සම්මිශ්‍රණයක් බව පර්යේෂණාත්මකව සොයාගෙන ඇත.

අපට තවමත් ජීවයේ සම්භවය සිදුවූ ආකාරය නිවැරදිවම නොදන්නා නමුත් ගැඹුරු මුහුදේ සිට දුර ඈත ග්‍රහලෝක අධ්‍යනයෙන් පවා සොයාගන්නා සියලුම සොයාගැනීම් අපගේ ආරම්භය වෙතට තවත් එක් පියවරක් බැගින් අපව කැදවාගෙන යනු ඇත.

Audax ’25

The Astronomical Society of Maliyadeva College proudly presents
Audax ’25 — All-Island Interschool Astronomy Competition

Registration — Quiz Team Registration — Workshop Team