
පෘථිවිය මත ජීවයේ සම්භවය
AUTHOR | මිනුල ගෙත්මින්
2025-05-09
පෘථිවිය මත ජීවයක් ඇති වූයේ කෙසේද? මෙය සියවස් ගණනාවක් තිස්සේ විද්‍යාඥයන් මුහුණ දුන් විශාලතම පැනයකි. අවුරුදු බිලියන ගණනකට පෙර පෘථිවිය මත ජීවය බිහි වූ අන්දම පැහැදිලි කර ගැනීම සඳහා විද්‍යාඥයන් අතර විවිධ මතයන් පැනනැගී ඇතත් තවමත් අප සතුව නිශ්චිත අවසාන පිළිතුරක් නොමැත. නමුත් මෙම අපූරු උපකල්පනයන් පිළිබඳව අධ්‍යනය කිරීම අපට ඒ පිළිබඳ දල අදහසක් ලබා ගැනීම සඳහා වැදගත් වේ.
පෘථිවිය මත ජීවයේ සම්භවය පිලිබඳ විද්‍යාඥයන් අතර මහත් සේ ප්‍රචලිත න්‍යායන් අතරින් ප්‍රධාන වන්නේ Primodial Soup Theory හෙවත් ආදිකල්පිත සූපය පිළිබඳ න්‍යාය වේ. මෙයින් කියැවෙන අන්දමට පෘථිවිය මත ඇති වූ මුල්ම සාගරයන් තුළ සරල රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක මිශ්‍රණයක් සාන්ද්‍රගතව තිබුණි. මෙම රසායනික මිශ්‍රණය සංකේතවත් කිරීම සඳහා එය ආදිකල්පිත සූපය ලෙසින් නම් කර ඇත.
එකල වායුගෝලයේ ඕසෝන් ස්ථරයක් නොතිබූ අතර පෘථිවි පෘෂ්ඨය පාරජම්බුල කිරණ වල නිරන්තර ප්‍රහාරයට ලක් විය. තවද සක්‍රිය ගිනිකඳු මගින් නිකුත් කරනු ලැබූ දූලි වලා හේතුවෙන් පහල වායුගෝලය තුල ප්‍රබල අකුණු හටගත් අතර මෙම මූලාශ්‍ර මගින් ආදි සූපය වෙත ශක්තිය සැපයුණි. මෙසේ සැපයුණු ශක්තිය ජීවයේ තැනුම් ඒකක වන ඇමයිනෝ අම්ල හා ප්‍රෝටීන වැනි අණු සෑදීම සඳහා ඉවහල් විය. මෙම අණු සෙමින් එකිනෙක හා සම්බන්ධ වෙමින් සරල සෛල නිර්මාණය වීම වර්තමාන ජීවයේ මූලාරම්භය සේ සැලකේ.
ජීවයේ ආරම්භය පිළිබඳ තවත් සිත්ගන්නා සුළු න්‍යායක් ලෙස Hydrothermal Vent Theory දැක්විය හැකිය. ගැඹුරු සාගර පතුලෙහි පෘථිවි කබොල මත හටගත් පැලුම් හේතුවෙන් ඒ අසල ජලය උණුසුම් වූ අතර පෘෂ්ඨයේ අභ්‍යන්තර ස්ථර වලින් ගලා එන ඛනිජ හා ලවණ මෙම උණු ජලය සමග මිශ්‍ර වීමෙන් ජීවයේ තැනුම් ඒකක නිර්මාණය වීම සදහා ඉතා සුදුසු පරිසරයක් නිර්මාණය කරන ලදී. විද්‍යාඥයන් විශ්වාස කරන අන්දමට මෙම ගැඹුරු සාගර විවරයන් තුළ ඇතිවී තිබූ හිතකර තත්වයන් මුල් කාලීන ජීව සෛල සෑදීමට අවශ්‍ය රසායනික ප්‍රතික්‍රියා උත්තේජනය කරමින් ජීව සෛල සෑදීම සඳහා උපකාරී වී ඇත. මෙසේ ප්‍රාග් ජීවීන් සාගරය තුළ නිර්මාණය වීම නිසා ඔවුන් පෘථිවි පෘෂ්ඨයේ තිබූ ආන්තික පරිසර තත්වයන්ගෙන් ආරක්ෂා වීමද සිදුවුණි.
නමුත් ජීවය මුලින්ම නිර්මාණය වූයේ පෘථිවිය මත නොවේනම්??? මෙම අදහස Panspermia Hypothesis නම් න්‍යාය ඉදිරිපත් වීම සදහා හේතු විය. මෙයින් කියැවෙන අදහස වන්නේ ජීවය පෘථිවිය මත නොව විශ්වයේ වෙන යම් ස්ථානයක ඇතිවී උල්කාපාත හෝ ධූමකේතු මගින් පෘථිවිය මතට සම්ප්‍රේෂණය වූවාය යන්නයි. මෙම අදහස සත්‍යට වඩා විද්‍යා ප්‍රබන්ධයක ස්වරූපය ගත්තත් සමහර උල්කා හා ධූමකේතු ශේෂයන් තුල කාබනික ද්‍රව්‍ය අන්තර්ගත වීමෙන් පෙනී යන්නේ මෙම අදහස සම්පූර්ණයෙන්ම අසත්‍යක් විය නොහැකි බවයි.
ජීවය කෙසේ කුමන ස්ථානයක ආරම්භ වුවත් බොහෝ විද්‍යාඥයන් එකඟ වන අන්දමට ජීවයේ පැවැත්ම උදෙසා යම් තීරණාත්මක සාධක කිහිපයක් අවශ්‍ය වේ. ඒවා නම් ද්‍රව ජලය, ශක්ති මූලාශ්‍ර හා නිවැරදි රසායනික ද්‍රව්‍යය. ප්‍රාග් පෘථිවිය මෙම අවශ්‍යතා වල සම්මිශ්‍රණයක් බව පර්යේෂණාත්මකව සොයාගෙන ඇත.
අපට තවමත් ජීවයේ සම්භවය සිදුවූ ආකාරය නිවැරදිවම නොදන්නා නමුත් ගැඹුරු මුහුදේ සිට දුර ඈත ග්‍රහලෝක අධ්‍යනයෙන් පවා සොයාගන්නා සියලුම සොයාගැනීම් අපගේ ආරම්භය වෙතට තවත් එක් පියවරක් බැගින් අපව කැදවාගෙන යනු ඇත.